Tuesday, November 30, 2010

ආයුබෝවන්..

කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතන්න අමාරුයි. ඒත් බ්ලොග් ලිවිල්ල නම් ගොඩක් විනෝදාත්මක දෙයක් බව මට හොඳට තේරුනා මම බලන සිංහල බ්ලොග් වලින්. මම ගැන කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. පෙර ආත්මයේ වාසනාවකට නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාලයකට පය තැබීමට හැකිවීම ගැන මම ගොඩාක් සතු‍ටු වෙනවා. මගේ ජීවිතේ ඇත්තටම සංකීර්ණයි. පැටලිලි ගොඩයි.. ඒත් වෙලාවකට මම ඉන්න තැන ගැන සතු‍ටුයි. මගේ නම ගම විස්තර කියන්න උවමනාවක් නෑ. ඒත් මගේ අත්දැකීම් බෙදාගන්න ලොකු ආසාවක් තියෙනවා. මැවිසුරුවා කියන නම මම පාවිච්චි ක‍රන්නේ මගේ අනාගත වෘත්තිය ගැන හිතලයි. ඒ ඇරෙන්න මමත් කාලා බීලා ඉන්න ‍කොල්ලෙක්. පටන් ගත්තට ලියන්න දෙයක් තියෙයිද දන්නෙත් නෑ.

මම ගැන ඉතිං තව කියනවා නම්, සමාජශීලී ගතිය නම් ගොඩක්ම අඩුයි. ඒ මම ආත්මාර්ථකාමී නිසා වෙන්න පුලුවන්. ඒත් අවංක මිතුරෙක්ට උදව් කරන්න මම කවදාවත් පැකිලෙන්නෑ.

සමහර විට මේ බ්ලොග් එක මගේ දිනපොතක් වේවි. මම ගැන කවුරුත් නොදන්න නිසා ලියන්න බය වෙන්න ඕන නෑ. නිර්ණාමිකව ලියන එක කාටවත් ගැටලුවක් නැතිව ඇති කියලා හිතනවා. පළවෙනි සටහන මෙතනින් නවත්තන්නම්. පසුව හමුවෙමු.

බුදුසරණයි.